(ලසන්ත නිරෝෂණ පෙරේරා , ඉන්දික නිරෝෂණ)
කොරොනා ආසාදිතයින් හමුවිම නිසා දින 5ක් තිස්සේ හුදෙකලා කර තිබූ රක්වාන නගරය සහ ග්‍රාම සේවා වසම් 04 අද (02) පස්වරුවේ සිට හුදෙකලා බව ඉවත් කෙරිණි .
එහෙත් එම ප්‍රදේශවල සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය රක්වාන ප්‍රදේශයේ මංගල්‍ය උත්සවයට සහභාගී වු 32 දෙදෙනෙකු කොරොනා ආසාදිතයින් ව්ම නිසා රක්වාන හුදෙකලා කලේ පසුගිය 27 වනදාය . සංචරණ සීමාවන් පනවා ඇති ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යෙදවිමට කටයුතු කර තිබේ .

